FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය ඇතුළු 07 ක එරෙහි නඩුව දිනපතා විභාගයට..

 

ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් සාවද්‍ය ලෙස මුදල් පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ජනවාරි මස 22 සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම අද (04) කළේය.

එහිදී නඩුවට අදාළ ලේඛන නිසි පරිදි ලැබී තිබෙන බව පැමිණිලි පාර්ශවය මෙන්ම විත්ති පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව විත්තියට ලැබිය යුතු ලේඛන නිසියාකාරව ලැබී තිබේ ද යන්න තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා නඩුව නැවත ජනවාරි මස 03 වනදා කැඳවීමට නියෝග කෙරුණී.

ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.