ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ආරම්භ වු බව අප අධිකරණ වාර්තාකරු කියයි.
අගවිනිසුරු නලින් පෙරේරා, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ හා මූර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් එළඹෙන 06 වනදා දක්වා විභාගයට ගැනීමට නියමිතව ඇත.
+++++++++(update)
පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපති ගත් තීරණයට විරුද්ධ පෙත්සම් විභාගය අද (04) සිට..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහිව ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් විභාග කිරීම අද (04) සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී ආරම්භ වීමට නියමිතය.
මෙම පෙත්සම් අද , හෙට (05) සහ අනිද්දා (06) දින තුන තුළ විභාග කෙරෙනු ඇත.
සත් පුද්ගල විනිසුරු මඩුල්ලට නලින් පෙරේරා , බුවනෙක අලුවිහාරේ , සිසිර ද ආබෘෘ , ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රසන්න ජයවර්ධන , විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ද හා මුර්දු ප්‍රනාන්දු මහත්මියද ඇතුළත් වේ.
එක්සත් ජාතික පක්ෂය ,ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය යන දේශපාලන පක්ෂ සහ තවත් පාර්ශව කීපයක් මෙම පෙත්සම් ගොනුකරනු ලැබීය.
මීට අදාළ තීන්දුව ලබන 07 වනදා ප්‍රකාශයට පත්කරන බවද වාර්තා විය.








