මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්,සැකපිට තවත් පුද්ගලයෙකු වව්නතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි
40 හැවිරිදි කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් නමැති කරයාකන්තිව්, කන්නන්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවෙක මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හිටපු එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙක් වන බවද පැවසෙන අතර සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිත බවත් කියැවේ.
ඒ අනුව මෙම පොලිස් නිලධාරින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.








