නිවාස සංවර්ධන අධිකාරියට අනියුක්තව ස්ථිර නොවී සේවය කළ සේවක පිරිසක් සේවයන් ඉවත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මෙම පිරිස නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ ලේක් හවුස් වටරවුම ආසන්නේය විරෝධයක නිරතවෙමින් සිටියි.
මේ හේතුවෙන් ඒ අවට ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.
මෙම පිරිස 138 බස් මාර්ගය අවහිර කරමින් මාර්ගයේ බිම වාඩි වී සිටින අතර , මේ හේතුවෙන් පිටකොටුව දෙසට පැමිණෙන වාහන මෙන්ම පිටකොටුව සිට 138 මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන අතරමඟ නවතා ඇති බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් පොලීසිය, කැරලි මර්ධන ඒකකය ජල බවුසර ද අදාළ ස්ථානයට ගෙන්වා ඇති අතර ඒ අවට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.








