FAST NEWS

24×7 Around the Globe

අඩු කරන ලද ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වෙයි..

 

පසුගියදා අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව අඩු කරන ලද ත්‍රිරෝද රථ ගාස්තුව අද (03) සිට ක්‍රියාත්මක වනු ඇත.

පළමු කිලෝමීටරය සඳහා අය කළ ගාස්තුව රුපියල් 10 කින් අඩු කිරීමට ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය පසුගියදා තීරණය කරනු ලැබූ අතර ඒ අනුව රුපියල් 60 ක්ව පැවති පළමු කිලෝමීටරයේ ගාස්තුව රුපියල් 50 දක්වා අඩුවනු ඇත.

ගාස්තු සංශෝදනය වූ ත්‍රිරෝද රථ පමණක් සිය ගමනාගමනය සඳහා යොදා ගන්නා ලෙස එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.