බස් ගාස්තු සංශා්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජාතික ගමනාගමන කොමිසමේ නිළධාරීන් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කර ඇත.
ජාතික ගමනාගමන කොමිසමේ නිළධාරීන් ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් සාකච්ඡා අවලංගු කල බව එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේය.
පසුගියදා නැවත වරක් ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය විසින් පියවර ගත් අතර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ද වන තීරණාත්මක සාකච්ඡාවක් අද (03) පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාව බස් සංගම් සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව අතර සිදුවනු ඇත.
ඒ අනුව අද දිනයේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ පැවැත්වෙන සාකච්ඡාවේදී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.








