FAST NEWS

24×7 Around the Globe

අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට එරෙහි පෙත්සම අද (03) විභාගයට..

 

මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 49 දෙනෙකු අගමැති ධුරය සහ ඇමතිධුර දැරිමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු ගොනු කල පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද (03) වැඩිදුර සළකා බැලීම සිදු කිරිමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 49 දෙනෙකුට එරෙහිව විශ්වාසභංග 02 ක් පාර්ලිමේන්තුව තුළ සම්මත වී ඇති බවයි අදාළ පෙත්සම මගින් අවධාරණය කර තිබේ.

එබැවින් අමාත්‍ය මණ්ඩලය විසිරී ගොස් ඇතැයි කථානායකවරයා ප්‍රකාශ කල බව එමගින් වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

ඒ අනුව අදාළ පිරිස තවදුරටත් අමාත්‍ය ධුර දැරීම වළක්වන ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසටයි මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.