FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයේ සැකකරු LTTE බුද්ධි අංශය නායකයෙකු බවට හෙළිවේ..

 

පසුගියදා මඩකලපුව ප්‍රදේශයේ මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයෙකු බවට අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකරු කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මහවිරු සැමරුම සංවිධාන කිරීම සඳහා මඩකලපුවට පැමිණ ඇති බවට අනාවරණ වී ඇත.

අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබීම නිසා ඊට උරණවීම හේතුවෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මෙම සැකකරු වට්ටකච්චි – හච්සන් පාරේ දී ඊයේ (01) අත්අඩංගුවට පත්විය.