FAST NEWS

24×7 Around the Globe

එජාපයේ යුක්තියේ යාත්‍රාව අද (02) තංගල්ලෙන් ගමන් අරඹයි…

 

වත්මන් රජයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධාන කළ යුක්තියේ යාත්‍රාව අද (02) තංගල්ලෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත අතර එය අද දිනයේ කතරගම, මොණරාගල හරහා මහියංගනය දක්වා ගමන් කිරීමට නියමිතයි. 

යුක්තියේ යාත්‍රාව ඊයේ (01) පෙරවරුවේ කොළඹ විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිටින් ආරම්භ කෙරුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

ඉන්පසු එම රථ පෙළපාලිය දෙවුන්දරින් අවසන් වූ අතර, මාතර නගරයේදී ඔවුන් ජන හමුවක් ද පවත්වා ඇත.