මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (03) ආරම්භ වීමට නියමිත අතර ලබන 12 වනදා දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.
මෙවර විභාගයට අයදුම්කරුවන් 656,641 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.
අයදුම්කරුවන් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන ලෙසත් , විභාග ප්‍රවේශ පත්‍රය ඇතුලු අවශ්‍ය දෑ රැගෙන විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසත් විභාග කොමසාරිස්වරයා සිහිපත් කරයි.
එමෙන්ම, විභාග සදහා පෙනී සිටින සිසුන්ගේ මානසික මට්ටම් පිළිබදව දෙමව්පියන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.








