FAST NEWS

24×7 Around the Globe

එජාපයේ ‘‘යුක්තියේ යාත‍්‍රාව’’ රිය පෙරහැර කොළඹින් අරඹයි…

 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම සඳහා වන ‘‘යුක්තියේ යාත‍්‍රාව’’ රිය පෙරහැර අද (01) පෙරවරුවේ කොළඹ නගර සභා පිටිය අසලින් ආරම්භ විය.‍

මෙම රිය පෙරහර කළුතර, ගාල්ල, මාතර  නගර පසුකරමින් පළමු දිනයේ දී දෙවිනුවරින් අවසන් කිරීමට නියමිතව ඇත.

ඉන්පසුව හෙට (02) පෙරවරු 7.30ට තංගල්ල නගරයේදී පැවැත්වෙන විශේෂ වැඩසටහනකින් පසුව කතරගම දේවාලයේ දේව පූජාවට සහභාගී වීමට ද නියමිතය.

රිය පෙරහර මොණරාගල හරහා මහියංගනය රජමහා විහාරස්ථානයට පැමිණීමෙන් පසුව ඊට සහභාගී වන පිරිස අධිෂ්ඨාන පූජාවක් පවත්වා දෙදිනක් පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් හඬ නැගීමට නියමිත බවත් වාර්තා වෙයි.