FAST NEWS

24×7 Around the Globe

අයි.ඔ.සී ඉන්ධන මීලත් පහළට..

 

ලංකා ඛණිජ තෙල් සංස්ථා ඉන්ධන සංශෝධනයට සමගාමීව, අද (30) මධ්‍යම රාති‍්‍රයේ සිට පෙට‍්‍රල් සහ ඩීසල් මිල ගණන් අඩු කිරීමට IOC සමාගම ද තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 සහ යුරෝ ෆෝ යන පෙට‍්‍රල් මිල ලීටරයක් රුපියල් 05 කින් අඩු කිරීමට IOC සමාගමද තීරණය කර ඇත.

ලංකා ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් මිල ද, ලීටරයක් රුපියල් 05කින් අඩු කෙරෙන බව IOC සමාගම සඳහන් කරයි.

මේ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 106 කටද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 131 කටද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 143 කටද යුරෝ 4 වර්ගයේ පෙට්‍රල් ඔක්ටේන් 95 වර්ගයේ ලීටරයක් රුපියල් 162 කටද අලෙවි කෙරෙනු ඇත.