විශ්වාසභංගයෙන් පරාජයට පත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම සහ මන්ත්‍රීවරුන් ඇමැති ධුරවල කටයුතු කිරීම වලක්වාලන ක්වො වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122කු ගොනු කළ පෙත්සමේ වැඩිදුර විභාගය ලබන 03 වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (30) නියෝග කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙය කැඳැවිණි.








