පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 05 දෙනෙකුට සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන අප්‍රේල් 03 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (30) නියෝග කළේ ය.
පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දීම සඳහා අද අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මෙහිදි නියෝග කෙරුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමග සිදු කළ ගනුදෙනුවකදී අයුතු ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීම ඇතුළු අධි චෝදනා යටතේ මෙම නඩුව ගොනු කර තිබේ.








