අද (30) පෙරවරුවේ මඩකලපුවේ දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඝාතනය වී සිටීම සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.
අදාළ විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මඩකලපුව බලා පිටත් වූ බව එහි ආරංචි මාර්ග සදහන් කරයි.








