පාර්ලිමේන්තු සභා වාරය අද පෙරවරු 10.30 ආරම්භ කරනු ලැබීය.
ජනරජයේ මුදල්වලින් කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ටත් ඔවුන්ගේ කාර්ය මණ්ඩල වෙනුවෙනුත් කිසිදු මුදලක් ගෙවීමට අමාත්‍යංශ ලේකම්වරුට නොහැකි බව දැක්වෙන යෝජනාවක් අද (30) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කරනු ලැබීය
අදාළ යෝජනාව භාර දී ඇත්තේ රාජිත සේනාරත්න, රවී කරුණානායක, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග, මනෝ ගනේසන් සහ ජයම්පති වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන් විසින්ය.








