FAST NEWS

24×7 Around the Globe

අගමැති ඇතුළු 49 දෙනෙකුට එරෙහිව ගොනුකළ පෙත්සම් 122ක් සලකා බැලීම අද….

 

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු 49 දෙනෙකුට ලබාදුන් පත්වීම් අභියෝගයට ලක් කරමින් ගොනුකල පෙත්සම් 122 ක් අද (30) අභියාචනාධිකරණයේදී සලකා බැලීමට නියමිතව ඇත.

මෙම පෙත්සම් එක්සත් ජාතික පක්ෂ , ජනතා විමුක්ති පෙරමුණු , ද්‍රවිඩ ජාතික සන්ධාන සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් යන පක්ෂවල මන්ත්‍රීවරුන් විසින් ගොනුකර ලැබ ඇත.

මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය ලෙස පෙනී සිටින පාර්ශවයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් සම්මත වී ඇති බවත් එබැවින් ඔවුන් තවදුරටත් එම තනතුරු දැරීම නීති විරෝධි බවට වන ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කරයි.

මෙම පෙත්සම් සලකා බැලීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී. පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන් ඉදිරියේ සිදුකෙරෙනු ඇත.