FAST NEWS

24×7 Around the Globe

ඛණිජ තෙල් මිල විෂමතා ඉවත් කිරිමට අගමැතිගෙන් උපදෙස්..

 

ඛණිජ තෙල් අලෙවි කිරීමේදී පවතින මිල විෂමතා ඉවත් කිරීමට අදාළ අංශ සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමති ගාමිණි ලොකුගේ මහතාට උපදෙස් ලබා දී ඇතැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දියානු තෙල් සමාගමට අයත් ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමග අගමැති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා එම උපදෙස් ලබා දී තිබේ.

ලංකා ඛණීජතෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල්වල විකුණුම් මිල හා ඉන්දීය තෙල් සමාගම පිරවුම්හල්වල විකුණුම් මිල සමාන මට්ටමකට ගෙනඑන්නැයි බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයින් ඉල්ලා තිබේ.

සංස්ථා පිරවුම්හල්වල අලෙවි මිලට වඩා ඉන්දීය තෙල් සමාගමේ පිරවුම්හල්වල අලෙවි මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම නිසා තමන්ට විශාල පාඩුවක් සිදුවන බව ඔවුහු මෙහිදි පෙන්වා දි ඇත.