මඩකලපුව – වව්නතිව් ප්රදේශයේ මාර්ග බාධකයක අද (30) පෙරවරු 6.00 ට පමණ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් මිය ගොස් ඇත.
මෙම මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.








