FAST NEWS

24×7 Around the Globe

ලබන 03 වනදාට පෙර වතු කම්කරු තීරණය දැනුම් දෙන්න – අගමැති..

 

දෛනික වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වතු කම්කරුවන්ගේ හට පවතින ගැටළුව වතු කම්කරු සමාගම් සමඟ සාකච්ඡා කර ලබන මස 03 වනදා වන විට තමාට දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වතු හාම්පුතුන් වෙත ඊයේ (29) දැනුම් දෙනු ලැබීය.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වතු කම්කරු සමාගම් සහ වතු හාම්පුතුන්ගේ සංගම් සමග පැවති සාකච්ඡාවේදීයි.

මෙම අවස්ථාවේදී වතුකම්කරු නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ තම වැටුප් වැඩිකරන ලෙස පසුගිය කාලය පුරා ඉල්ලීම් කළ ද ඊට යහපත් ප්‍රතිචාරයක් බලධාරීන්ගෙන් නොලැබුණ බවයි.

එහිදී වතු හාම්පුතුන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත්තේ මේ හේතුවෙන් කර්මාන්ත ශාලා අකර්මණ්‍ය වී වැසී යන තත්ත්වයක් පවා උද්ගතවී ඇති බවයි.

මෙම දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් අග්‍රාමාත්‍යතුමා මෙය රටේ ආර්ථිකයට බලපාන බැවින් කඩිනම් විසදුම් ලබාදීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබාදී ඇත.