FAST NEWS

24×7 Around the Globe

අවුල්සහගත දේශපාලන වාතාවරණය නිමා කිරීම සඳහා ජනපති එකඟ වු බවට කථානායකගෙන් නිවේදනයක්..

 

රටතුළ උද්ගතව  තිබෙන අවුල්සහගත දේශපාලන වාතාවරණය නිමා කිරීම සඳහා කඩිනම් විසඳුමකට එළඹීමේ ක්‍රියාමාර්ග ගැනීමට කථානායකවරයා සමඟ අද (29) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එකඟතාවය පළකළ බව කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ සඳහා විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟද වෙන වෙනම හෙට (30) සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.