FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව සාක් සමුළුව වර්ජනය කරයි…

මෙවර 20 වන වරටත් පාකිස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති සාක් සමුළුව සඳහා සහභාගී නොවීමට ඉන්දියාව තීරණය කළ බව ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවසුවාය.
මෙම තීරණය ගැනීමට හේතුවී ඇත්තේ ඉන්දියාව – පාකිස්ථානය සම්බන්ධ කෙරෙන කර්තාර්පූර් තීරයට මුල්ගල තැබීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක සිදුවීමක්.
“පාකිස්ථානය ත්‍රස්තවාදී ක්‍රියා නවත්වන තුරු  කිසිදු සංවාදයක් නොපවත්වන බවත් සාක් සමුළුවට සහභාගී නොවීටමද අපි තීරණය කර ඇතැයි” ඇය පැවසුවාය.‍
පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශකර සිටින්නේ හැකි ඉක්මණින් සාර්ක් සමුළුව සාර්ථකව පැවැත්වීමට කටයුතු කරන බවය.