FAST NEWS

24×7 Around the Globe

ජනවාරි 01 වනදා සිට ටොයෝටා වාහන මිල 4% කින් ඉහළට…

2019 වසරේ ජනවාරි 01 වැනිදා සිට ටොයෝටා සමාගමට අනුබද්ධ ඉන්දීය සමාගමේ සියලුම වාහනවල මිල 4% කින් ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත.
ටොයෝටා කර්ලොස්කා මෝටර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන්කර සිටින්නේ ඉන්දීය රුපියලේ අගය වේගයෙන් අවප‍්‍රමාණය වීම සහ නිෂ්පාදන වියදම වැඩිවීම, ආර්ථික අර්බුදය හමුවේ එරට කර්මාන්තකරණය වැටී ඇති තත්ත්වය සළකා බලා මෙම තීරණය ගත් බවයි.
මෙම සමාගම ජපානයේ ටොයෝටා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ශාඛා සමාගමක් ලෙස ඉන්දියාවේ ටොයෝටා වාහන නිෂ්පාදනය හා අලෙවි කටයුතු සිදුකරනු ලබයි.
ටොයෝටා කර්ලොස්කා මෝටර් සමාගම මරුටි සුසුකි, හයියුන්ඩායි හා මහින්ද්‍රාවලට පසුව ඉන්දියාවේ සිව්වැනි විශාලතම මෝටර් රථ සමාගම ලෙස සැලකෙනු ලබයි.