FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනය අවසන් කරයි…

ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන් විසින් ඊයේ (26) ආරම්භ කල වැඩ වර්ජනය අද ‍පෙරවරු 10.00 ට පමණ අත්හිටුවා ඇත.
ඔවුන් මෙලෙස වර්ජනයක නිරතවූයේ ඉන්ධන ප‍්‍රවාහන දුම්රියකට දෙමටගොඩදී පහරදීමේ සිද්ධියකට විරෝධය පළ කරමින්ය.
ධාවනය කෙරෙන සියළු දුම්රියන් සදහා පොලිස් ආරක්‍ෂාව ලබාදීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හිටවූ බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේය.
මෙම වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොල වෙත ධාවනයවීමට තිබූ ඉන්ධන දුම්රිය 03 ක් ද අවලංගු වී ඇත.