FAST NEWS

24×7 Around the Globe

අ.පො.ස සාමාන්‍ය පෙළ පෞද්ගලික අයදුම්කරුවන්ට නිවේදනයක්…

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 03 වනදා සිට 12 වනදා දක්වා පැවැත්වෙනු ඇත.
විභාගයට පෙනී සිටින 233,791 ක් වන පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.
කිසියම් හේතුවක් මත ප්‍රවේශ පත්‍ර නොලැබුණු යම් අපෙක්ෂකයෙක් වෙතොත් එම සිසුන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ජාතික හැඳුනුම්පත් අංකය යොදා විභාග ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය – (WWW.doenets.lk)
අදාළ වෙබ් අඩවියට පිවිස News headlines යටතේ තමන්ගේ ජාතික හැදුනුම්පත් අංකය යොදා විභාග ප්‍රවේශ පත්‍රය බාගත කරගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.