FAST NEWS

24×7 Around the Globe

මහජන බැංකුවට නව සභාපතිනිවරියක් පත්කරයි….

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ මහත්මිය පත්කර ඇත.
ඇය වසර 30 කට අධික කාලයක් රාජ්‍ය සේවයේ අත්දැකීම් සපිරි නිළධාරිනියෙකි.
සුජාතා කුරේ මහත්මිය ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක් වන අතර කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශන සහ ශාස්ත්‍රවේදි උපාධිධාරිනියක වන ඇය නෙදර්ලන්තයේ හේග් හි සමාජ අධ්‍යයන ආයතනයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගෙන ඇත.
එමෙන්ම වරාය සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ලෙසත් , මුදල් අමාත්‍යංශ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් සහ විදේශ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වශයෙනුත් සේවය කර ඇත.
මීට අමතරව ඇය රාජ්‍ය සහ පුද්ගලික බැංකු කිහිපයක සහ තවත් ප්‍රධාන පෙළේ ආයතන කීපයකම ඉහළ තනතුරු හොබවා ඇත.