FAST NEWS

24×7 Around the Globe

විනිසුරුවරුන් – මහේස්ත්‍රාත්වරුන් 70 කට ස්ථාන මාරුවීම්….

වාර්ෂිකව සිදුකරනු ලබන ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 70 කට පමණ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර ඇත.
අදාළ ස්ථාන මාරුවීම් ලබන වසරේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.
අදාළ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ද අවස්ථාව ලබාදී තිබෙන අතර දෙසැම්බර් මස 07 වන දිනට පෙර එම අභියචනා ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.