FAST NEWS

24×7 Around the Globe

එස්.ටී.එෆ් වෙඩි ප්‍රහාරයකින් පාතාල නායකයින් ⁣දෙදෙනෙක් මරුට..

කොට්ටාව රුක්මල්ගම අධිවේගී ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර ඊයේ (26) රාත්‍රී 09 පමණ සිදුවූ වෙඩි හුවමාරුවකදී පාතාල සමාජිකයින් දෙදෙනෙක් මිය ගොස් තිබේ.
හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් යන පාතාල නායකයන් වන මෙම දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.