FAST NEWS

24×7 Around the Globe

හිටපු අගවිනිසුරුවරියගේ සැමියාට වසර 05ක අත්හිටවූ සිර දඬුවම්….

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතාට එරෙහි චෝදනා 04 කට අදාලව ඔහුට අවුරුදු 05 ක සිරදඩුවම් නියම කළ අධිකරණය එය වසර 05 කට අත්හිටුවා අදාල චෝදනා හතර සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 03 ක දඩයක් නියම කළේය.
කාරියවසම් මහතා ජාතික ඉතිරි කිරීමේ බැංකවේ හිටපු සභාපතිවරයෙකු ද වෙයි.
අදාල දඩ මුදල නොගෙවන්නේ නම් වසර දෙකක සිර දඬුවමක්ද පැනවීමටද නියම කළේය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මුදල් යොදවා නෙවටිනා අගයකට ද ෆිනෑන්ස් ආයතනයේ කොටස් 7,863,362ක් මිලදී ගැනීම ඇතුළු චෝදනා හතරකට අදාළව විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් ඉහත දඬුවම් පනවන ලද්දේය.