FAST NEWS

24×7 Around the Globe

විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව කල් යයි….

අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 14 දක්වා කල් තැබීමට අද (26) මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ කැදවූ අවස්ථාවේ දී නියෝග කරනු ලැබීය.
අමාත්‍යවරයාගේ නිවසේ දුරකතන සහ ජල බිල්පත් නිකුත් කළ පරිගණක පරීක්ෂා කිරීමට කල් ඉල්ලීම හේතුවෙන් මෙම කල් දැමීම සිදුකර ඇත.
වීරවංශ මහතා  මීට පෙර අමාත්‍යවරයෙකුව සිටි සමයේ සිය වැටුපෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක දේපල සහ මුදල්වලට හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මොහුට විරුද්ධව අදාල නඩුව පවරනු ලැබීය.