FAST NEWS

24×7 Around the Globe

2018 වර්ෂයේ තෙවන පාසල් වාරය නොවැම්බර් මස 30න් අවසන්….

2018 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය නොවැම්බර් මස 30 වන සිකුරාදා දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
2019 වර්ෂය සඳහා පළමු පාසල් වාරය ජනවාරි මස 02 වන බදාදා දිනයේ දී ආරම්භ කරන බවත් ඒ අනුව මෙවර අවසන් වාරයේ පාසල් නිවාඩුව මාසයකට වඩා වැඩි කාලයක් හිමි වීම විශේෂත්වයක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.