FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයකට බල කරමින් වෘත්තීය සමිති හෙට (27) විරෝධතාවක…

වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය විසින් හෙට (27) පස්වරු 2.30 ට පමණ කොටුව දුම්රියපළ ඉදිරිපිට දී දැවැන්ත විරෝධතාවක්‌ පැවැත්වීමට නියමිතව ඇත.
රට මුහුණදී ඇති ගැටලුවට විසඳුමක්‌ ලෙස මහ මැතිවරණයක්‌ පවත්වන ලෙස බලකරමින් මෙම විරෝධතාව පවත්වනු ලබයි.
මේ සඳහා කම්කරු වතු කම්කරු ඇතුළු විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති රැසක නියෝජිතයන් සහභාගී වීමට නියමිත බව වාසුදේව නානායක්‌කාර මහතා ඊයේ (25) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.