FAST NEWS

24×7 Around the Globe

බහුතරය තිබුණත් රනිල් යලි අගමැති නොකරන බව ජනපති අවධාරණය කරයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (25) මෙරට සිටින විදේශ මාධ්‍ය නියෝජිතයන් හට කැදවීමක් සිදුකර තිබූ අතර එහිදී වත්මන් දේශපාලන වාතාවරණය පැහැදිලි කරමින් ඒ මහතා සදහන්කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ රජය සමයේ සිදුවූ දූෂණ, වංචා සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කරන බවයි.
එමෙන්ම බහුතරය තිබුණ ද රනිල් වික්‍රමසිංහ යළි අගමැති කිරීමට කිසිදු තත්ත්වයක් යටතේ සිදුනොකරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.