FAST NEWS

24×7 Around the Globe

අදත් වැසි….ප්‍රදේශ කීපයකට නායයෑමේ අවධානම….

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකට පස්වරු 2.00 න් පසු වැසි සහිත කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වල මෙලෙස වැසි ඇතිවිය හැකි අතර ඇතැම්විට මිලිමීටර 75 ත් 100 ත් අතර තදවැසි ඇතිවීමේ හැකියාවද පවතින බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ කෑගල්ල, රත්නපුරය, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල නායයෑම් සහ පස් කඳු කඩාවැටීම් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම්දෙයි.
නායයෑමේ ලක්ෂණ පවතින්නේ නම් වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.