FAST NEWS

24×7 Around the Globe

දේශපාලනික වාතාවරණය ගැන තානාපතිවරුන් දැනුවත් කිරීමට විශේෂ කණ්ඩායමක්….

ලංකාවේ වර්තමානයේ පවතින දේශපාලනික වාතාවරණය සම්බන්ධයෙන් තානාපතිවරුන් දැනුවත් කිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බව මහමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය විසින් සාවද්‍ය තොරතුරු විදෙස් තානාපතිවරුන් හමුවේ ඉදිරිපත් කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරූ ජයසූරිය මහතා විසින් රටේ තිබේන තත්ත්වය විකෘති කරමින් පෙන්වන බවත් අමාත්‍යවරයා සදහන් කරයි.
එම වැරදි තොරතුරු සම්බන්ධයෙන් තනාපතිවරු දැනුම්වත් කිරීම සඳහා මෙලෙස විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරත් පැවසීය.