FAST NEWS

24×7 Around the Globe

අදත් ප්‍රදේශ කීපයකට වැසි හා තද සුළං…

අද (23) දිනයේත් දිවයිනේ වයඹ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරුමැද පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද මිලිමීටර් 75 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පැවති අධික වර්ෂාව හේතුවෙන් පිටාර මට්ටමකට පැමිණීම නිසා උඩවලව ජලාශයේ වාන්දොරටු 05 ම මේ වනවිට විවෘත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
මීට අමතරව මුහුදුබඩ ප්‍රදේශවල දැඩි සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි බවත් ධීවර කටයුතු වලින් ප්‍රවේසම් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.