FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය බහාලු පර්යන්ත නවීකරණය චීනයට පවරයි…

වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ යෝජනාවකට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය බහාලු පර්යන්තය නවීකරණය කිරීම යටතේ සිදුවන සංවර්ධන කොන්ත්‍රාත් කටයුතු චීනයට ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව නෞකාවල සිට ගොඩබිම දක්වා බහළු මෙහෙයුම්ක සිදකිරිමට අවශ්‍ය දොඹකර තුනක් වරයා අධිකාරියේ අරමුදල් යොදවා මිලදි ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් මිලියන 25.7ක මුදලකට සීමාසහිත ෂැංහයි ෂෙන්හුවා හෙවි ඉන්ඩ්‍රස්ටීස් සමාගමට පැවරීමට කටයුතු කර ඇත.
එසේම එම පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පොළ ධාරිතාව වැඩි කිරීම සඳහා වරාය අධිකාරියේ අරමුදල් යොදවා ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තුවද චීන වරාය හා ඉන්ජිනේරු සමාගමට පැවැරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.