FAST NEWS

24×7 Around the Globe

ඇණහිට තිබූ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය යථා තත්ත්වයට….

අද (22) අලුයම 5.00 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ අභියස තිබූ විශාල නුග ගසක කොටසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් ඇණහිට තිබූ එම මාර්ගයේ ගමනා ගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කල බව තලවකැලේ පොලීසිය පැවසිය.  
වැටුණු නුග ගසේ කොටස තලවකැලේ ලිදුල නගර සභාව, තලවකැලේ සහ ලිදුල පොලීස් ස්ථාන වල නිලධාරින් සහ තලවකැලේ පොලීස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් එක්ව කපා ඉවත් කිරීමෙන් පසු පැය 5 කට පමණ පසු යථා තත්ත්වයට පත් වී තිබේ.
වසර 100කට වඩා ඉපැරණි ඝණ දෙවි කොවිලේ තිබු නුග ගසේ කොටසක් කඩා වැටීමෙන් එම කෝවිලට සුළු අලාභ හානි සිදු වී ඇති අතර, ගස කඩා වැටීමෙන්  ප්‍රධාන මාර්ගය හරහා ඇද තිබු අධි බලැති විදුලි රැහන් පද්ධතිය සහ දුරකථන රැහන් පද්ධතියටද දැඩි අලාභ හානි සිදු වී තිබේ.