FAST NEWS

24×7 Around the Globe

විදේශීය ණය ගෙවීමේ කිසිම ගැටලුවක් නොමැති බව මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්…

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය ගෙවීමේ කිසිම ගැටලුවක් නොමැති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව ණය ගෙවීම කිසිම දිනක පැහැර හැර නොමැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සමග එක්ව 2019 වසරේ ගෙවීමට තිබෙන ණය ගෙවා දැමීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
එසේම ලබන වසරේදී කල් පිරීමකට ලක්වෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් වන ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර සඳහා මුදල් ගෙවීමට සූදානම් බවත් , ණය ගෙවිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති නොකැළැල් ඉතිහාසය අඛණ්ඩව පවත්වාගෙන යමින් ණය නිසි පරිදි ගෙවන බවත් එම අමාත්‍යාංශය අවධාරණය කරයි.
2019 වසරේදී කල් පිරෙන අමෙරිකානු ඩොලර් 1500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඇතුළු සියලු ණය ගෙවිම සඳහා ප්‍රමාණවත් මුදල් සංචිතයක් රැස්කර පවත්වාගෙන යාමට අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ඉතා සමීපව කටයුතු කරන බව ද මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.