FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට දේශපාලන පක්ෂ අද (21) නම් දෙයි..

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයින් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අද (21) සිය නියෝජිතයන්ගේ නම් කථානායකවරයා වෙත භාරදීමට නියමිත බව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ පවසයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය,එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණද අද (21) දිනයේදි සිය නම් කථානායකවරයා වෙත භාරදෙන බව මීන් පෙර ප්‍රකාශ කර තිබුණි.
ලබන (23) සිකුරාදා දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, බ්‍රහස්පතින්දාට (22) ඉල්පුර පසළොස්වක පොහොය යෙදීම නිසා අද (21) දිනයේ ඊට අදාළ සාමාජිකයන් නම් කළ යුතුය පවති.
තේරීම් කාරක සභාව කථානායකවරයා ඇතුළු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත විය යුතුය.
මෙම තේරීම් කාරක සභාව තුළින් අනෙකුත් සියලුම කාරක සභා වල ක්‍රියාකාරීත්වය සහ ඒවාට මන්ත්‍රීවරුන් පත් කිරීමද සිදු කෙරෙයි.