රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිතුමා පත් කළ කොමිසමේ වාර්තාව මේ වන විට සකස් කර අවසන් බවත්, එ අනුව එම වාර්තාව ඉදිරි සතිය තුළ ජනාධිපතිතුමාට භාර දෙන බව එහි සභාපති එස්. රනුක්ගේ මහතා මාධ්‍ය වෙත පැවසීය.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් පිළිබඳව දැනුම් දෙන ලෙස වෘත්තීය සමිති වෙත කරන ලද ඉල්ලීම් අනුව වෘත්තීය සමිති 800කට ආසන්න සංඛ්‍යාවක් ඒ සඳහා අදහස් ඉදිරිපත් කළ බවද එ මහතා පැවසීය.
දුම්රිය, තැපැල් ඇතුළු සේවාවන් මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන ආදී ක්ෂේත්‍ර ඇතුළු දීප ව්‍යප්ත සේවාවල වැටුප් විෂමතාවන් පිළිබඳව කොමිසම ගැඹුරු අධ්‍යයනයක නිරත වූ බවද සභාපවරයා පෙන්වා දෙයි.
ඒ අනුව අදාළ වැටුප් විෂමතාවන් තුරන් කිරීමට නිර්දේශ කිහිපයක් කොමිසමේ වාර්තාවෙන් ජනාධිපතිතුමාට ඉදිරිපත් කෙරෙ කෙරෙන බවද එ මහතා වැඩි දුරටත් පැවසීය.
රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක‍්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත ගැටලු හෝ විෂමතා ඇත්නම් ඒවා විසඳීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කළේය.
ඒ, ඉකුත් අගෝස්තු මස 14 වන දා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව පත් කෙරුණු මෙම කොමිසමට එස්. රනුක්ගේ මහතා ඇතුළු සාමාජිකයින් 15 දෙනෙකු කොමිසමට ඇතුළත්ය.