FAST NEWS

24×7 Around the Globe

දෙමළ ජාතික සන්ධානය සහ තානාපතිවරුන් අතර හමුවක්…

අද(20)දෙමළ ජාතික සන්ධානය සහ මෙරට සිටින මහකොමසාරිස්වරුන් මෙන්ම තානාපතිවරුන් අතර හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි පැවැත්විය.
 එම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, නෝර්වේ, ස්විට්සර්ලන්තය ඇතුලූ රටවල් 16 ක් නියෝජනය කරන බටහිර රටවල තානාපතිවරුන් සහ එහි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් එක්වූ බව වාර්තා වෙයි.
මෙහිදී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දැනුම්වත් කිරීමට දෙමළ ජාතික සන්ධානය කටයුුතු කර තිබේ.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්දිරන් සහ සෙල්වම් අඩෙක්කලනාදන්, ඇතුලු පිරිසක් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සාකච්ඡාවට එක්ව ඇත.