FAST NEWS

24×7 Around the Globe

ඉදිරි දින කීපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක්….

මේ දිනවල දකුණු බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුර, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වඩා වැඩි තද වැසි අද දිනයේ ඇති විය හැක.

අනෙකුත් ප්‍රදේශවලට ද මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැක.