FAST NEWS

24×7 Around the Globe

ETI අධ්‍යක්ෂ මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි….

ලබන ජනවාරි මස 28 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ යන අයට අධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.
එම සමාගමේ තැම්පතු මුදල් නොගෙවීමට එරෙහිව මීගමුව ශාඛාවේ මුදල් තැන්පත් කළ ETI තැන්පත් සුරකීමේ ස්වාධීන සංගමයේ සභාපතිනිය විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට අදාළවයි අධිකරණය එම අධ්‍යක්ෂ මණ්ඩලයට නොතීසි නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.