FAST NEWS

24×7 Around the Globe

ජනපතිගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතියක්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිය නිල ටිව්ටර් ගිණූමෙහි පණිවිඩයක් තබමීන් සියලු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට විශේෂ ස්තූතියක් පළකර තිබේ.
ඊයේ (18) පස්වරුවේ තමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී ලබාදුන් උපදෙස් අනුව අද (19) දිනයේදී පාර්ලිමේ න්තුව සාමකාමීව රැස්වීම සම්බන්ධයෙන් මෙම ස්තූතිය පල කර තිබේ.
පසුගිය දිනවල මැතිසබයේ පැවැති කළහකාරී තත්වය තවදුරටත් ඇති කර නොගනිමින් සාමකාමීව සම්ප‍්‍රදායානුකූලව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූලව කටයුතු කරන්නේ නම් එහිදී සම්මත වන යෝජනා තමා පිළිගන්නා බවට ජනාධිපතිවරයා ඊයේ (18) සර්ව පාක්ෂික හමුවේදි අවධාරණය කර තිබුණි.