FAST NEWS

24×7 Around the Globe

අගමැතිවරයාට වෙඩි නොවදින වාහන ගෙන්විම අසත්‍යය බවට නිවේදනයක්..

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථ දෙකක් ඇණවුම් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
එසේම මේ දක්වාම අග්‍රාමාත්‍යවරයාට අලුත් වාහන ඇණවුම් කර නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.