FAST NEWS

24×7 Around the Globe

අකිල ධනංජය අද (19) ඕස්ට්‍රේලියාවට..

පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට චෝදනා එල්ල වූ දඟ පන්දු යවන කී‍්‍රඩක අකිල ධනංජය අයි.සී.සී ය විසින් සිදු කරන පරික්ෂණයකට පෙනී සිටීම සඳහා අද (19) ඕස්ටේ‍්‍රලියාවේ බි‍්‍රස්බේන් නුවර බලා පිටත්ව යෑමට නියමීත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ගාල්ලේදී නිමා වූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බව විනිසුරුවරුන් විසින් ICC ය වෙත දන්වා තිබු අතර , ඒ අනුව දින 14 ක් ඇතුළත ඔහුට පරික්ෂණයක් සඳහා පෙනී සිටිය යුතු බව ICC ය දන්වා තිබුණි.
අකිල ධනංජය ලබන 23 වැනිදා එහි පිහිටි කී‍්‍රඩා විද්‍යායතනයේදී සිය පන්දු යැවීමේ ඉරියව් පරික්ෂණයකට පෙනී සිටීමට නියමිත බවත් පැවසේ.