FAST NEWS

24×7 Around the Globe

කථානායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කථානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එහි වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා, නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය ,දෙමළ ජාතික සන්ධානය ඇතුළු දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් ඉකුත් 27 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කළ බවද, එම තහනම් නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි රැස් කිරීමට කථානායකවරයා පියවර ගැනිම ව්‍යවස්ථාවට පටහැණි ක්‍රියාවක් බවත් අදාළ පෙත්සම මගින් අවධාරණය කර තිබේ.
මෙම ක්‍රියාකලාපය තුලින් කථානායකවරයා ඇතුළු වගඋත්තරකරුවන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් සරත් වීරසේකර මහතා අදාළ පෙත්සම මගින් වැඩි දුරටත් ඉදිරිපත් කර තිබේ.