FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර පළාත් සභා අයවැය අද (19) සභාවට..

බස්‌නාහිර පළාත් සභාව 2019 වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශය (අයවැය) බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නව පළාත් සභා කාර්යාල සංකීර්ණයේ අද (19දා) පෙරවරු 9.30 ට ඉදිරිපත් කරනු ලබයි.
අයවැය දෙසැම්බර් 04 වැනිදා සිට 11 වැනිදා දක්‌වා විවාදයට ගැනීමට නියමිතය.
බස්‌නාහිර පළාත් සභාව මසකට දින දෙකක්‌ රැස්‌වන අතර වසරකට අයවැය දිනයන්ද සමඟ දින 30 කට අඩු කාලයක් සමාන්‍යයෙන්‌ රැස්‌වෙයි.