FAST NEWS

24×7 Around the Globe

සර්ව පාක්ෂික හමුව ගැන ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සර්ව පාක්ෂික හමුවේදී හෙට (19) දිනයේ පාර්ලිමේන්තු කටයුතු සාමකාමීව සිදු කිරීමට සියලු පක්ෂ එකඟ වී තිබේ.
මීට සුළු වේලාවකට පෙර අවසන් වූ සර්ව පාක්ෂික හමුවේදී ඊට සහභාගී වූ පක්ෂ නායකයින් මෙම එකඟත්වය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.